ඉදිරියේදී බස්ගාස්තු අඩු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
දැනට ඉන්ධන මිලෙහි පහළ යාමට සාපේක්ෂව මෙම බස් ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.
අද (23දා) වේයන්ගොඩ ප්‍රදේශයේ පැවැති ක්‍රීඩා වැඩසහනකට එක් වෙමින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“විශේෂයෙන් දැන් ඉන්ධන මිලත් අඩු වෙලා තියෙන හින්දා එන සතිය වෙනකොට අපි සාකච්ඡා කරලා බලනවා ගාස්තු අඩු කරගන්න පුළුවන්ද කියලා.”