අවදානම් කලාප වල තම තමන්ගේ නිවාස වල ජීවත්වන ජනතාව තමන් ජිවත්වන ගොඩනැගිල්ල අවදානමක් ඇති බව හැගෙනවානම් වහාම ආපදා කළමනාකරන මධ්‍යස්ථානය හා අදාල ස්ථානවලට ඒ බව දැනුම් දි ඔවුන් දෙන තාක්ෂණික ක්‍රම හා උපදෙස් භාවිතා කර එම අවධානමෙන් මිදිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
බුවැලිකඩ නායගිය ප්‍රදේශයේ මාර්ගයේ තවත් පැලුම් ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව හා ආදාල ආයතන ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගතු යුතු බවද මහාචාර්යවරයා පැවැසිය.
මහාචාර්යවරයා මෙසේ පැවසුයේ මහනුවර බුවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසිමට හේතු සම්බන්ධව නිරික්ෂණය කිරිමට අද (21) එම ස්ථානයට පැමිණි අවස්ථාවේදිය.
එහිදි මහාචාර්යවරයා මෙසේද පැවසීය,
විශේෂයෙන්ම තමන් ජිවත්වන ප්‍රදේශයේ යම් අවදානමක් තිබේනම් ඒ සම්බන්ධව ඇති අදාල ආයතන මගින් නිර්දේශ ලබාගෙන ගොඩනැගිලි ඉදිකරනවානම් ඒ නිලධාරින්ගේ උපදෙස් මත යම් කටයුත්තක් කල යුතු බවද මහාචාර්යවරයා පැවැසිය.
ගිලා බැසගිය ගොඩනැගිල්ල පිහිටා ඇති ප්‍රදේශය පැරණි කදුරක් බවත් එය මැතක සිට අවහිර වි ඇති බවත් බුවැලිකඩ නමෙන්ම අර්ථ දෙන පරිදි බුවැල්ලෙන් සැදි ඇති මෙම ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදිකරනවානම් එහි පාදම ගල් තට්ටුවට වන සේ සැකසිය යුතු බවද අතුල සේනාරත්න මහතා පැවැසිය.
සුනාමියෙන් පසු රන්දෙනිගල කැල ආශ්‍රිතව නයයැම් සිදුවුවාක් මෙන් මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇතිවු භු කම්පනයෙන් පාෂාණයෙන් පස් තට්ටුව පිහිල් විමේ අවදානමක් ඇතිවිය හැකි බවත් එම ලිහිල් විම් අවස්ථාවකදි බැවුම් වල ඇති ගොඩනැගිලි ආදිය වර්ෂාවක් පතිත විම නිසා මෙවැනි ගිලා බැසිමට යම් ප්‍රමාණයක අවදානමක් විය හැකි බවද මහාචාර්යවරයා පැවැසිය.