රබර් වගාවේදී නව ප්‍රභේද හඳුන්වාදීමටත් බෑවුම් ප්‍රදේශවල ෆයිනස් ගස් වෙනුවට රබර් ගස් සිටුවීමට ඇති හැකියාවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
ජනපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමක්දී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
රබර් අපනයනයෙන් ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 600කි. එය 2020 වසරේදී ඩොලර් මිලියන 2000ක ආදායමක් බවට වර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
දේශීය රබර් වගාව සහ නිෂ්පාදකයන් දිරි ගැන්වීමට රබර් ආනයනය සීමා කිරීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
රබර් ආශ්රිත නිෂ්පාදන ආයතන දේශීයව මිලදී ගන්නා රබර් ප්‍රමාණයට සාපේක්ෂව රබර් ආනයනයට ක්‍රමවේදයක් සකස් කළයුතු බවද බැසිල් රාජපක්ෂ මහතා කීය. අපනයනය කෙරෙන කේප් රබර් සෙසු රටවල නිෂ්පාදන සඳහා යොදා ගන්නා ආකාරය සොයා බැලීමේ ඇති වැදගත්කමද සාකච්ඡාවට ලක් කෙරිණ.