එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව නිර්මාණය කළ බලවේගයේ විපත්මඟ මේවනවිට ආරම්භ වී ඇති බැවින් පක්ෂයෙන් ගිය අයට නැවත පක්ෂයට එකතු වීමට අවස්ථාවක් ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (10දා) පොල්ගහවෙලදී පැවැසීය.
එම බලවේගයට එක්වූ පිරිස් මේවනවිට ඉන් ඉවත් වෙමින් සිටින බවද එක්සත් ජාතික පක්ෂයට එරෙහිවූ කිසිවෙකුට හරි නොගිය බවද කාරියවසම් මහතා පැවසීය
එක්සත් ජාතික පක්ෂයේ පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසයේ මැතිවරණ ප්‍රචාරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් එජාප මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.