බොලිවියානු සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ නවාජාස් විසින් වැඩි මිලට වෙන්ටිලේටර්ස් 170ක් මිලදී ගනීමින් සිදුකර ඇති වංචාවක් සම්බන්ධයෙන් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බව බොලිවියානු දූෂණ මර්දන බලකායේ ප්‍රධානී කර්නල් අයිවන් රොජාස් නිවේදනය කරයි.
බොලිවියානු අන්තර්වාර ජනාධිපති ජෙනින් ආසීස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ බොලිවියාව ස්පාඤ්ඤ සමාගමකින් වෙන්ටිලේටර්ස් 170ක් මිලදී ගැනීම සඳහා අන්තර්-ඇමරිකානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො.මිලියන 2ක අරමුදල් යොදාගත් බවයි.
ඒ අනුව සෞඛ්‍ය ඇමති නවාජාස් සහ තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා කැඳවාගෙන ගියත්, රජයේ අභිචෝදකයන් විසින් තවමත් චෝදනා ඉදිරිපත් කර නොමැති නමුත්, නවාජාස් අත්අඩංගුවට ගැනීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇති බව නිවේදනය කර තිබේ. කෙසේ වෙතත් මේ පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව අන්තර්වාර ජනාධිපතිවරයා කියා සිටි අතර, අන්තර්-ඇමෙරිකානු බැංකුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණේ මේ ගනුදෙනුව පිළිබඳ ඔවුන්ද පරීක්ෂණයක් සිදුකරන බවයි.
කොවිඩ්-19 වෛරසය සමග සටන් කරන ලතින් ඇමෙරිකාවට අයත් බොලීවියාව තුළද මේ වනවිට ආසාදිතයන් 4,919ක් වාර්තා වන අතර, මරණ 199ක් සිදුව තිබේ. අසාදිත වක්‍රයද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින වාතාවරණයක සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීම සඳහා මෙසේ වෙන්ටිලේටර්ස් මිලදී ගැනීමට බොලීවියාව කටයුතු කර තිබුණු පසුබිමක මෙම වංචාව සිදුව තිබේ.