බොලීවියාවේ අන්තර්වාර ජනාධිපති ජෙනීන් ආසීස් කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිට සුවය ලැබීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිනිය, "මා වෛරසයට ආසාදිතව සිටියදී ඔබ දැක්වූ ආදරය හා සහයෝගයට මගේ මුළු හදවතින්ම ස්තූති කරනවා. ඔබේ සෙනෙහස මට විශාල ශක්තියක් වුණා. බොලීවියානුවන් ලෙස අපි විශිෂ්ට පවුලක්. අපි ඉදිරියට යමු" කියා සිටියාය.
ඇය නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ බව මුලින්ම නිවේදනය කළේ පසුගිය ජූලි 9දාය.
බොලිවියාවේ අවම වශයෙන් තවත් රජයේ නිලධාරීන් 14 දෙනෙකු කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර තිබේ.
බොලීවියාවෙන් මේ වනවිට සමස්ත ආසාදිතයන් 69,429ක් වාර්තා වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 2,583කි.