බලන්න ගිය ඇතෙක් පාලිතව ලුහුබඳියි
දිඹුලාගල, නවමිල්ලාන, ඉද්දපිච්ච වැව් ඉස්මත්තේ ඊයේ (30දා) දහවල් වෙඩිවැදී තුවාල ලබා සිටින බවට සැක කරන ඇතෙකු බැලීමට ගිය වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පිටුපස අදාළ ඇතා ලුහුබැඳීමේ සිද්ධියක් වාර්තා වේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා සමග අරගලගංවිල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා සහ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හා වෙහෙරගල වනජීවී කාර්යාලයේ ස්ථානභාර නිලධාරී එම්.ඒ. ආරියසේන මහතා ඇතුළු කිහිපදෙනෙකු අදාළ ස්ථානයට ගොස් තිබිණි.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සමග ඇතා බැලීමට අදාළ නිලධාරීන් ගොස් සිටියදී, සුදු ඇඳුමින් සැරසී සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා පසුපස මීටර් සියයක් පමණ ඇතා ලුහුබැඳ තිබේ.
අනතුරුව පොලිස් නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් අහසට වෙඩි තබා ඇතා පලවා හැරීමට කටයුතු කර තිබිණි.
අනතුරුව පාලිත තෙවරප්පෙරුම මහතා තමන් ඇඳ සිටි සුදු පැහැති ඇඳුම ඉවත් කර කළු පැහැති ඇඳුමක් ඇඳ පොලිස් නිලධාරීන් හා වනජීවී නිලධාරීන් සමග නැවතත් අදාළ ඇතා බැලීමට ගොස් තිබේ.
පසුව වනජීවී උසස් නිලධාරීන් දුරකථනයෙන් සම්බන්ධ කරගත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතා පිළිබඳ සොයාබලා ප්‍රතිකාර කරන ලෙස උපදෙස් දුන්නේය.
“මේ ඇතාට තියෙන ලෙඩේ මොකක්ද දන්නේ නැහැ. ඇතා අසනීපයෙන් ඉන්න නිසා අපිව වැඩිපුර පැන්නුවේ නැහැ. හයිය ඇතෙක් පැන්නුවා නම් අද අපි ඔක්කොම ඉවරයි. මීටර් සීයයක්, එකසියපනහක් විතර මාව පැන්නුවා. මගේ සුදු ඇඳුම වෙනස් කරලා ආයේ මම කළු එකක් ඇඳගෙන ඌ බලන්න ගියා. පස්සේ මම උපදෙස් දුන්නා ඇතාට අවශ්‍ය ප්‍රතිකාර කරන්න කියලා. ඇතා හිටවාගෙන බෙහෙත් කරන්න සුදුසු පරිසරයකයි ඌ ඉන්නෙ“ යැයි අමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වීය.








මනම්පිටිය - නිමල් ජයරත්න/ ඩබ්.ඒ. පියතිලක
popular news
-
Champa Sunday, 01 July 2018 03:36 PM
හහා හා හා හා........ මාත් ආසයි අලි බලන්න යන්න. අර දීඝ ජන්තුව බලන්න යනව මම දවසක. මේක හරි යන්නේ නැහැ. මේ අලින්ට වෙඩි තියන මෘගයන් කවුද? පව් අහිංසක සතා. බෙහෙත් කරනවා නම් ඉක්මනට කරන්න එපාය. අලියා ගහපු මිනිස්සු ගැන කතා කරන්න ඕනේ තරම් ඉන්නවා. අලි වැට ගැන කතා කරන්නත් ඕනේ තරම් ඉන්නවා. හැබැයි අලින්ට වෙඩි තියෙන දෙපා සත්තු අල්ලන්න කවුරුවත් නැහැ. එක ගැමියෙක් කියලා තිබුන අලි ගහල මැරිච්ච මිනිස්සු තුන් දෙනෙක්ටම එහෙම වුනේ අලියට හිරිහැර කරපු නිසා. එක මිනිහෙක් බේබද්දෙක්. ----- මේ උඩ තියෙන වැවේ නම ..ඉද්දපිච්ච වැව... මම අහල නැහැ.
Reply : 0 0
සෙනෙවි Sunday, 01 July 2018 06:25 PM
වනජීවී කලාප විනාශ කරන වැලි ජාවාරම් කරුවන්ට දුන් සහය අලියට ආරංචි වෙලා වගෙයි
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

