බලන්ගොඩ ප්රදේශිය ලේකම් බල ප්රදේශයට අද (11 ) දා අලුයම සිට පවතින අධික වර්ෂාව නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නායයෑමේ අවදානම් කලාප ලෙස නමි කර ඇති ග්රාම සේවා වසම් පහකට අයත් ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි බලන්ගොඩ ප්රදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දී තිබේ.
පෙටිටිගල ,එගොඩ වලේබොඩ ,රාස්සගල ,ඇල්ලෙවත්ත, සහ ගවරන්හේන යන ග්රාම සේවා වසමි වලට අයත් ප්රදේශ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නාය අවදානම් කලාප ලෙස නම් කර ඇත.
ඇල්ලෙවත්ත ග්රාම සේවා වසමේ මැද්දෙක්ද වත්ත , රාස්සගල ග්රාම සේවා වසමේ හැරමිටිගල ,පෙටිටිගල ග්රාම සේවා වසමේ යද්දෙහිකන්ද සහ පෙටිටිගල වත්ත , ගවරන්හේන , හා එගොඩ වලේබොඩ යන ප්රදේශ නාය අවදානම් කලාප ලෙස නම් කර ඇති බව බලන්ගොඩ ආපදා සහන සේවා නිලධාරීන් උපුල් අනුරසිරි මහතා පැවසීය.
