බෙල්ජියමේ නව කොරෝනා ආසාදිතයන්, රෝහල්ගතවීම් සහ මරණ තියුණු ලෙස ඉහළ යෑම් පාලනය කිරීම සඳහා හෙට (01දා) රාත්‍රියේ සිට සති 6ක් සඳහා දැඩි ලොක්ඩවුන් සීමා රට තුළ පනවන බව අගමැති ඇලෙක්සැන්ඩර් අවධාරණය කරයි.
"දැන් අපට ඇත්තේ එක් තේරීමක් පමණයි. එය සිදුකරන්නේ අපගේ සෞඛ්‍ය ක්ෂේත්රයට අපට හැකි පමණින් සහාය වීමටයි. අපගේ ශාරීරික සම්බන්ධතා හැකිතාක් දුරට සීමා කළ යුතුව තිබෙනවා." අගමැතිවරයා ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. "අපි නැවත දැඩි අගුලු දැමීමකට යනවා. එහි ඇත්තේ එක් අරමුණක් පමණයි. අපගේ සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටෙන්නේ නැති බව සහතික කිරීමයි."
"බෙල්ජියමේ අපට ආසාදන වක්‍රය පහතට ගෙන ඒමට අවශ්‍ය නම්, මේ පියවර ඒ සඳහා අවසාන අවස්ථාවයි" ඔහු පැවසීය. "ඒ අනුව මෙම සීමාවන් ඉරිදා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර දෙසැම්බර් 13 දක්වා ක්‍රියාත්මක වෙනවා".
නව ලොක්ඩවුන් පියවරයන්ට ඇතුළත් වන්නේ මෙම කරුණුය.
සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳ සැල් වසාදැමිය යුතුය. නමුත් නිවාස බෙදා හැරීමට සහ භාණ්ඩ එකතු කිරීමට අවසර ඇත.
සුපිරි වෛළඳ සැල් සහ සිල්ලර වෙළෙඳ සැල් විවෘතව පවතින නිසා අනවශ්‍ය ලෙස භාණ්ඩ එකතු කිරීමට අවශ්‍යතාවක් නොමැති බව අගමැතිවරයා පවසයි.
කොණ්ඩා සැකසුම්, බාබර් හෝ රූපලාවණ්‍ය ශිල්පීන් වැනි සමීප සම්බන්ධතා පවතින, වෛද්‍ය නොවන වෘත්තීන් වසා දැමීමට බල කෙරෙයි.
හැකි අය සඳහා නිවසේ සිට වැඩ කිරීම අනිවාර්ය වෙයි. එය කළ නොහැකි අවස්ථාවක මුඛ ආවරණ පැලඳීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් කාර්යාලයේ සිට වැඩ කළ හැකිය.
එසේම පාසල් නිවාඩු කාලය නොවැම්බර් 15දා දක්වා දීර්ඝ කෙරෙයි.