බල්ගේරියාවේ ජනාධිපති රූමන් රදෙව් දෙවැනි වරටත් එරට ජනාධිපති ධුරයේ තරග කිරීමට සූදානමින් සිටින බව කියයි.
57 හැවිරිදි රදෙව්, වත්මන් මධ්‍යම දක්ෂිනාංශික අගමැති බොයිකෝ බොරිසොව්ගේ විවේචකයෙකු වන අතර, අපේ‍්‍රල් 04දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර බොරිසොව්ගේ රජයට එරෙහිව මාස ගණනාවක් පුරා පැවති උද්ඝෝෂණයන්ට සහාය ලබා දුන්නේය.
හිටපු ගුවන් නියමුවෙකු සහ බල්ගේරියානු ගුවන් හමුදාවේ අණ දෙන නිලධාරියා වූ රදෙව්, තමා බලයට පත්වූ සිව්වැනි සංවත්සරය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී තමන් දෙවැනි ධුර කාලය සඳහා තරග කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කළේය.
එසේම නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරන ප්‍රබල දේශපාලන විකල්පයක් වත්මන් රජයෙන් ඉල්ලා සිටියේය.
බල්ගේරියාව පාර්ලිමේන්තු ජනරජයක් වන අතර ත්‍රිවිධ හමුදාවේ අණ දෙන නිලධාරියාට අමතරව රාජ්‍ය නායකයාට ප්‍රධාන වශයෙන් චාරිත්‍රානුකූල කාර්යභාරයක් ඇත. බල්ගේරියානු ජනාධිපතිවරුන් සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන නමුත් ස්වාධීන අපේක්ෂකයන් ලෙසද ඉදිරිපත් විය හැකිය.