කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන බලංගොඩ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය විමත් සමග ඔහුගේ පවුල් ඥාතින් හතර දෙනෙකු අද (14දා) සවස ස්වයං නිරෝධනයට ලක් කල බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
ඔහු කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කර ඇති අතර ඉකුත් 3 දා බලන්ගොඩ කරවිකැටිය උඩකන්ද නිවසට පැමිණ තිබේ. ඔහු 4 දා ප්‍රදේශයේ මලගෙදරකටත් සාභාගි වී ඇති බව වාර්තාවන අතර එම මලගෙදරට පැමිණි ජනතාව පිළිබඳවද සෞඛ්‍ය අංශ විමර්ශනය කරයි.
ඉකුත් 5 වැනිදා ඔහු නැවත කොල්ලුපිටිය ආයතනයට ගොස් ඇති අතර එහිදී සිදුකළ පි.සි.ආර්. පරික්ෂණයේදී ඔහුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබේ. බලන්ගොඩ නිවසේ පදිංචි මව, පියා සහ සහෝදරියන් දෙදෙනා මෙලෙස ස්වයං නිරෝධනයට ලක් කර ඇත. ඔවුන්ගේ පි.සි.ආර් පරික්ෂණ පැවැත්විමට නියමිතය.
බලංගොඩ රෝහණ වසන්ත