කොළඹ ප්රදේශයේ පදිංචි බාලවයස්කාර පිරිමි දරුවෙකු (අවු.10) 2013 වසරේදී බරපතල ලිංගික අපයෝජනයට ලක්කෙකොට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනයකින් පසු, කොළඹ ප්රදේශයේ පදිංචි සැකකරු (අවු.41) අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් , නීතිපතිතුමා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩුවක් ඉදිරිපත් කොට, මහාධිකරණය විසින් නඩුව විභාග කොට 2020 වසරේ අගෝස්තු මාසයේදී සැකකරු වරදකරු කොට ඇත.
එසේ වරදකරු බවට ඔප්පු වූ චූදිතට අධිකරණය විසින් වසර 10ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කළ අතර, ඊට අමතරව රු. 10,000/=ක දඩ මුදලක් ද නියම කරන ලදි.
එම දඩ මුදල නොගෙවන්නේ නම්, මාස 8ක සිර දඬුවම් නියම කර ඇති අතර, මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර පිරිමි දරුවාට රු. 50,000/=ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර තිබේ.
තවද, එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වසර 1ක සිර දඬුවම් ලබාදීමට ද නියම කර තිබේ.