බිල් සහ මෙලින්ඩා ගේට්ස් වසර 27කට පසු ඔවුන්ගේ විවාහය අවසන් කරමින් දික්කසාදයකට යන බව නිවේදනය කරයි.
"අපගේ සම්බන්ධතාව පිළිබඳ විශාල සිතිවිල්ලකින් මෙන්ම, බොහෝ වැඩ කිරීමෙන් පසුව අපගේ විවාහය අවසන් කිරීමට අපි තීරණය කර තිබෙනවා" යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වේ.
මෙම යුවළ 2000 දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමග එක්ව ඔවුන්ගේ පරාර්ථකාමී සංවිධානයද ආරම්භ කළහ. එතැන් පටන් පදනම ඩොලර් බිලියන 53.8ක් ගෝලීය සෞඛ්‍ය, දරිද්‍රතාවය පිටුදැකීම හා තවත් බොහෝ දේ සඳහා වැය කර ඇති බව එහි වෙබ් අඩවිය පවසයි. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය පිටුදැකීම වෙනුවෙන්ද ඔවුන් බොහෝ උපකාර සිදුකර තිබුණේ දැඩි කැපවීමකිනි.
"අපි ඇදහිය නොහැකි දරුවන් තිදෙනෙකු ඇති දැඩි කර තිබෙනවා. සෞඛ්‍ය සම්පන්න, ඵලදායී ජීවිතයක් ගත කිරීමට සියලු දෙනාටම හැකි වන පරිදි ලොව පුරා වැඩ කරන පදනමක් ගොඩනඟා තිබෙනවා. අපි දිගටම එම මෙහෙවර පිළිබඳ විශ්වාසයක් බෙදා හදා ගන්නා අතර, ඒ පදනමේ අපගේ වැඩ කටයුතු කරගෙන යනු ඇති. නමුත් අපගේ ජීවිතයේ මීළඟ අදියරේදී යුවළක් ලෙස එකට ගමන් කළ හැකි යැයි අපි තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ." ඔවුන් පවසා තිබේ.
මෙලින්ඩා ගේට්ස් සඳුදා වොෂිංටන් හි කිං කවුන්ටි හි දික්කසාද වීමට පෙත්සමක් ගොනු කර ඇති අතර, එහිදී ප්‍රසිද්ධියේ ලබාගත හැකි ලේඛනවල මූල්‍ය තොරතුරු කිසිවක් ඇතුළත් කර නොමැත.
බිල් ගේට්ස් යනු ලෝකයේ ධනවත්ම පුද්ගලයෙකි. බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශක ශ්‍රේණිගත කිරීම්වලට අනුව පෙබරවාරි වනවිට ඔහුගේ ශුද්ධ වත්කම් ඩොලර් බිලියන 137කි.
බිල් 65 සහ 56 හැවිරිදි මෙලින්ඩා ගේට්ස් මයික්‍රොසොෆ්ට් හිදී හමු විය. බිල් ගේට්ස් එවකට ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය. MBA උපාධිධාරිනියක් ලෙස සමාගමට සම්බන්ධ වූ එකම කාන්තාව ලෙස ඇය නිෂ්පාදන කළමනාකාරිනියක වශයෙන් සේවය ආරම්භ කළ අතර අවසානයේදී තොරතුරු නිෂ්පාදන අංශයේ සාමාන්‍යාධිකාරී බවටද පත්විය.