කොවිඩ්-19 මරණ වැඩිවුණා කියා 'තමා මොනවා කරන්න දැයි' බ්‍රසීලයේ මරණ 5,000 සීමාව ඉක්මවා යෑම ගැන ජනාධිපති ජෙයර් බොල්සෝනාරෝගෙන් වාර්තාකරුවෙකු ප්‍රශ්න කළ අවස්ථාවේදී පවසා තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව මේ වනවිට බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 5,500ද ඉක්මවා ඇති අතර, එරට ආසාදිතයන් 80,000කට ආසන්න වී ඇත්තේ දකුණු ඇමෙරිකානු කලාපය තුළ වේගයෙන් වෛරසය පැතිර යන රාජ්‍යයක් ලෙසිනි.
පසුගියදා ජනාධිපති මන්දිරයෙන් පිටත පැවති මාධ්‍ය හමුවකදී බ්‍රසීල ජනාධිපතිවරයා මෙම වගකීමෙන් තොර ප්‍රකාශය සිදුකර ඇත. ඔහු ප්‍රතිචාර දක්වා තිබුණේ මෙසේය.
"ඉතින් මොකක්ද? මට කණගාටුයි, ඒත් මට මොනාද කරන්න කියන්නෙ?"
එමෙන්ම තමාගේ මැද නම 'මෙසියස්' වුවද, එහි ඉංග්‍රීසි භාෂා පරිවර්තනය 'මෙසියාහ්' හෙවත් ගැලවුකාරයා වුවද, තමන් ප්රාතිහාර්ය සේවකයෙකු නොවන බව ඔහු වැඩිදුරටත් වගකීමකින් තොරවම අදහස් ප්‍රකාශ කර තිබේ.
බොල්සොනාරෝ මෙම කොවිඩ්-19 වසංගතයේ තර්ජන බැහැර කරමින්, එය සුළු උණ තත්ත්වයක් බව මුල සිටම කියා සිටියේය.
එමෙන්ම තම ආධාරකරුවන් සමග ලොක්ඩවුන් සීමාවලට එරෙහි පෙළපාළිවලට සහභාගී වීමෙන් සහ දේශීය සුපිරි වෙළෙඳ සැල්වලදී සහ අවන්හල්වලදී මිනිසුන් බදා ගනිමින් ආණ්ඩුකාරවරුන් විසින් පනවා තිබූ නිවසේ රැඳී සිටීමේ නියෝග හා සමාජ දුරස්ථකරන නියෝග ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ ඔහු වටා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් පමණක් පෙළ ගැසුණත්, ඔහුගේ ජනප්‍රියත්වය අඩුවෙමින් පවතින බව සමීකෂණයකින් හෙළි වී ඇත.
ඩේටාෆොල්හා මත විමසුමකට අනුව, බ්‍රසීල ජාතිකයන්ගෙන් 33%ක් පමණක් විශාල ජනවරමක් සමග බලයට පත්වූ ඔහු සමග මේ වනවිට රැඳී සිටින අතර, 38%ක් ඔහු රටට නපුරක් සිදුකරමින් සිටින බව කියයි. තවත් 26%ක් ඔහු ගැන සාමාන්‍ය අදහසකින් පමණක් පසුවෙයි.