බ්‍රසීලයේ පැය 24ක් තුළ වාර්තාගත කොවිඩ්-19 මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, එරට සමස්ත ආසාදිත අගයද 310,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව බ්‍රසීලයේ ගතවූ පැය 24 තුළ රට තුළ නව මරණ 1,188ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 20,047ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම බ්‍රස්පතින්දා දිනයේ තහවුරු වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 310,087ක් වන අතර, එය බදාදාට වඩා ආසාදිතයන් 18,508ක වැඩිවීමකි.
බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ, කොවිඩ්-19 හි මෘදු හා මධ්‍යස්ථ අවස්ථාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් භාවිත කිරීම සඳහා උපදෙස් ලබාදී ඇති බව ට්විටර් පණිවුඩයක දැක්වෙයි.
ඔහුගේ තවත් ට්විටර් පණිවුඩයක දැක්වුණේ, "තවමත් විද්‍යාත්මක සාක්ෂි නැහැ. නමුත් එය බ්‍රසීලයේ සහ ලොව පුරා නිරීක්ෂණය කරනවා. මොකද අපි යුද්ධයක නිරතව ඉන්නෙ. සටන් නොකිරීමේ ලැජ්ජාව, පරාජයට වඩා නරකයි. දෙවියන් වහන්සේ අපගේ බ්‍රසීලයට ආශිර්වාද කරවි" යනුවෙනි. කෙසේ වෙතත් ඔහු දැන් සඳහන් කරන යුද්ධය මිට පෙර ඔහුටම අනුව කුඩා උණක් පමණි.