බ්‍රසීලය ගෙවීගිය බදාදා නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ 2,286ක් වාර්තා කර ඇති අතර, එය වසංගතය ආරම්භ වීමෙන් පසු එරට දෛනිකව වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව බව බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව බදාදා වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 79,876ක් වන අතර, ඒ සමග බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 11,202,305ක් සහ මරණ 270,656ක් ලෙස සටහන් වෙයි.
එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලය වාර්තා කර ඇති අතර, එක්සත් ජනපදය හා ඉන්දියාවෙන් පසු තුන්වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බ්‍රසීලයට ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පවසයි.