බ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 1,092ක් ගෙවීගිය බ්‍රහස්පතින්දා දිනයේ වාර්තා වූ අතර එය සැප්තැම්බර් මස මුල සිට වාර්තා වූ ඉහළම දෛනික ආසාදන මරණ සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය විසින් නව තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් 69,826ක් එදින වාර්තා කර ඇති අතර, මේ සමග සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 7,110,434ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 මරණ 184,827ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එක්සත් ජනපදයෙන් පසු වෛරසය ආශ්රිත ඉහළම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ එරටිනි.