කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 6ක් ඉක්මවා ඇති බ්‍රසීලය, එක්සත් ජනපදය හා ඉන්දියාවෙන් පසු මෙම සන්ධිස්ථානය කරා පැමිණි තුන්වැනි රට බවට පත්ව තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව බ්‍රසීලය සිකුරාදා නව ආසාදන 38,397ක් වාර්තා කර ඇති අතර, එමගින් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6,020,164ක් දක්වා ඉහළ ගොස් ඇත.
සිකුරාදා දිනයේදී තවත් මරණ 552ක් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව සමග සමස්ත මරණ සංඛ්‍යාව 168,613ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය ලෝකයේ දෙවැනි වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාවයි.
පසුගිය සතියේ බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විසින් කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මෙතරම් ඉහළ ගොස් තිබීම නොසලකා, එම සංඛ්‍යා අවතක්සේරු කරමින් කියා සිටියේ, "අපි සියල්ලෝම කවදා හෝ මිය යනවා" කියාය.