ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් වැඩිම පිරිස වාර්තා වන ලැයිස්තුවේ මහා බ්‍රිතාන්‍ය පසුකර තෙවැනි තැනට බ්‍රසීලය පැමිණ ඇති බව වාර්තා වෙයි.
සඳුදා වනවිට බ්‍රසීලයේ සමස්ත ආසාදිත අගය 250,000 ඉක්මවා ගිය අතර, එය අද (19දා) අලුයම ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කළේ 255,368ක් ලෙසිනි.
එමෙන්ම බ්‍රසීලය සඳදු දිනයේ කොරෝනා මරණ 647ක් වාර්තා කර තිබූ අතර, අද (19දා) අලුයම වනවිට එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 16,853ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
ඉරිදා සහ සඳුදා අතර පැය 24 ක කාලය තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 13,140ක් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා කර ඇති අතර, මේ වනවිට එක්සත් ජනපදය හා රුසියාවට පමණක් බ්‍රසීලය දෙවැනි වී ඇත.
ලතින් ඇමෙරිකානු කලාපයේ බ්‍රසීලය වෙත මෙවැනි ඉරණමක් අත්වීමට එරට අත්තනෝමතික ජනපති ජෙයර් බොල්සොනාරෝ හේතු වූ බවට විවේචන පවතී. රට තුළ අගුලු දැමීම් ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් විසින් සිදුනර විට, ඊට විරෝධය පාමින් උද්ඝෝෂණ පවා සිදුකළ ජනාධිපතිවරයා, වාචාල කතාකරුවෙකු ලෙසද ප්රකටය.
එහිදී බොහෝ හුදෙකලා පියවරයන් ක්‍රියාත්මක කිරීමට හා පැතිරීම මන්දගාමී කිරීමට බොහෝ ආණ්ඩුකාරවරු පොරබදමින් සිටියද, ඔහු කොවිඩ් -19 යනු කුඩා උණක් ලෙස නැවත නැවතත් බැහැර කර ඇති අතර, රට තුළ ව්‍යාපාර නැවත විවෘත කරන ලෙස ඉල්ලා සිටියේය.
මේ අතර ගෙවීගිය සති කිහිපය තුළ බ්‍රසීලයේ දෙවැනි සෞඛ්‍ය ඇමතිවරයාත් ඔහුගේ රජය හැර යන ආකාරයද ජනපතිවරයා දුටුවේය.