බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (16දා) දිනයේදී මිලියන 7ක සීමාව ඉක්මවා ඇති බව එරට ජාතික සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගෙවීගිය පැය 24 තුළ රජය විසින් නව කොවිඩ්-19 ආසාදිතයන් 70,574ක් වාර්තා කර ඇති අතර, ඒ සමග බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 7,040,608ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරනලද දත්තවලට අනුව, ලෝකයේ තුන්වැනි වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව බ්‍රසීලය සතුව ඇත.
ගෙවීගිය බදාදා නව මරණ 936ක් බ්‍රසීලය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, නිල වශයෙන් සමස්ත මරණ 183,735ක් බ්‍රසීලය වාර්තා කර ඇති බ්‍රසීලය ලෝකයේ දෙවැනි ඉහළම කොවිඩ්-19 මරණ අනුපාතය දරන රටයි.
මරණ සංඛ්‍යාව 306,203 ක් පමණ වාර්තා වී ඇති ඉහළම ගෝලීය කොවිඩ් -19 මරණ සංඛ්‍යාව එක්සත් ජනපදයේ ඉහළින්ම පවතී.
බ්‍රසීලයට මෙවැනි දරුණු ඉරණමක් අත්වීමට එරට පාලකයන් සෘජුවම වගකිව යුතු අතර, වසංගතය ගණනකට නොගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එරට ආසාදන මෙන්ම, මරණ ඉහළ ගියේය.