බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉරිදා (03දා) නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රසීලය කොවිඩ් -19 රෝගීන් 100,000 ඉක්මවා තිබේ.
ඒ අනුව අවසන් පැය 24 ක කාලයක් තුළ තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව 4,588කින් ඉහළ ගොස් ඇති අතර එය මුළු සංඛ්‍යාව 101,147 කි.
එමෙන්ම වෛරසය ආසාදිත වීමෙන් එරට මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 7,025ක් වන අතර, සුවය ලැබූවන් 42,991කි.
එරට තුළ සමාජ දුරස්ථකරණ නීතිරීති සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් ක්‍රියා කරන විට ජනාධිපතිවරයා එම ක්‍රියා විවේචනය කරමින්, මුව ආවරණයක් හෝ නොමැතිව ජනතා උද්ඝෝෂණවලටද සහභාගී වූ අතර, වෛරසය සම්බන්ධයෙන් මරණ වැඩිවෙද්දී තමා කුමක් කරන්නදැයි කියා වගකීමෙන් තොර ප්රකාශයන්ද සිදුකළේය.