කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය බ්‍රසීලය පුරා පැතිර යාමෙන් පසුව මේ වනවිට එරට වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 15,000 ඉක්මවා තිබේ.
බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි, ඊයේ (16දා) දිනයේ පමණක් එරට මරණ 816ක් වාර්තා වී තිබේ.
ඒ අනුව බ්‍රසීලයේ අද (17දා) අලුයම වනවිට වාර්තා වී තිබූ සමස්ත මරණ සංඛ්‍යාව 15,633ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
ඉන් නොනැවතී බ්‍රසීලයේ ආසාදිතයන් සංඛ්‍යාවද දිගින් දිගටම ඉහළ යමින් පවතී. රට තුළ කොරෝනා වෛරස් ආසාදිතයන් 233,142ක් වාර්තා වී ඇති අතර සෙනසුරාදා දක්වා පැය 24 ක කාලය තුළ නව ආසාදිතයන් 14,919ක් වාර්තා වී ඇති බවද අමාත්‍යාංශය පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ලොව කොවිඩ් -19 ආසාදිතයන්ගෙන් සිව්වනුව වැඩිම සංඛ්‍යාවක් සිටින්නේ බ්රසීලයේය. ඒ අනුව බ්‍රසීලයේ ආසාදිත අගය ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ආසාදිත අගයද ඉක්මවා ඉහළ ගොස් තිබේ.