බ්‍රසීලයේ ඇමේසන් කලාපයේ රෝහලක සිටි කොවිඩ්-19 රෝගීන් 7 දෙනෙකු අඟහරුවාදා අලුයම හදිසියේ මියගොස් තිබුණේ, ප්‍රාදේශීය රෝහල ඔක්සිජන් හිඟ වීමෙන් බව අනාවරණය වී තිබේ.
කොවිඩ්-19 ආසාදිතයන් බ්‍රසීලයේ ඉහළ යෑමත් සමග රෝහල්වල ඔක්සිජන් හිඟය නිසා ඇමේසන් ප්‍රාන්තයේ පසුගිය සතිය තුළ සෞඛ්‍ය සේවා අඩාල විය.
කොරෝනා රෝගීන් මෙන්ම වෙනත් ආබාධවලට ප්‍රතිකාර කරන රෝගීන්ද මෙම ඔක්සිජන් හිඟයෙන් පීඩා විඳි අතර, හෙදියන් උපුටා දක්වමින් ප්‍රාදේශීය ප්රවෘත්ති සේවා කියා සිටියේ ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් රෝගීන් හුස්ම හිරවීමෙන් මිය ගිය බවයි.
බ්‍රසීලයේ මේ වනවිට ලොව දෙවැනි වැඩිම කොවිඩ්-19 මරණ වාර්තා වන රට ලෙස මරණ 211,491ක් සටහන් වන අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලොව තෙවැනි ස්ථානය ගනිමින් 8,573,864ක් බවට පත්ව තිබේ.