කොවිඩ්-19 වෛරස වසංගතය හමුවේ දැඩි බලපෑමකට ලක්ව සිටින ලතින් ඇමෙරිකාවේ බ්‍රසීලය වෛරසය ආසාදිතයන් මෙන්ම, වෛරසය ආශ්රිත මරණවලින්ද දෛනික වාර්තාවක් තබා ඇති බව වාර්තා වෙයි.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති දත්ත අනුව ගෙවීගිය දිනයේ බ්‍රසීලයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 69,074ක් සහ මරණ 1,595ක් වාර්තා වී තිබේ.
වසංගතය ආරම්භ වූ දා සිට බ්‍රසීලයෙන් මේ වනවිට සමස්ත ආසාදිතයන් 2,552,265ක් වාර්තා වී ඇති අතර, වෛරසය ආශ්රිත සමත් මරණ සංඛ්‍යාව 90,134ක් බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය පෙන්වා දෙයි.