කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හමුවේ දැඩි අභියෝගයකට ලක්ව ඇති ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන බ්රසිලය, සිය සෞඛ්‍ය සේවකයන්ට කරන උපහාරයක් ලෙසත්, ස්වයං ආරක්ෂාව ප්‍රවර්ධනය සඳහාත් රියෝ ද ජැනීරෝ නුවර පිහිටි 'ක්‍රිස්ට් ද රෙඩීමර්' ප්‍රතිමාවට මුඛ ආවරණ පළඳා තිබේ.
එමෙන්ම දැවැන්ත සෞඛ්‍ය අර්බුදය හමුවේ දැඩි හිඟයක් පවතින මුඛ ආවරණ අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස දන්වමින්, ප්‍රතිමාවේ '# මස්කාරාසල්වා' යනුවෙන් පාඨයක්ද ප්‍රදර්ශනය කර ඇත.
මෙම ප්‍රතිමාව මාර්තු මැද භාගයේදී මහජනතාව සඳහා ප්‍රදර්ශනය වසා දමන ලදී. කෝර්කෝවාඩෝ කන්ද මුදුනේ මෙම දැවැන්ත ප්‍රතිමාව ඉදිකර තිබේ.
ඒ අනුව කොරෝනා වෛරස වසංගතයට ප්‍රතිචාරයක් ලෙස ස්මාරකය මත විශේෂ ආලෝකකරණයක් භාවිත කරන තුන්වැනි අවස්ථාව මෙයයි.
එහිදී, වසංගතයෙන් බලපෑමට ලක් වූ රටවල ධජ සමග මාර්තු මාසයේදී ප්‍රතිමාව ආලෝකමත් විය. එමෙන්ම, පසුගිය පාස්කු ඉරිදා කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඉදිරි පෙළේ සිය දිවි පරදුවට තැබූ අයට උපහාරයක් ලෙස වෛද්‍ය සේවකයන්ගේ රූප පිළිමය මත ප්රක්ෂේපණය කරන ලදී.
කෙසේ වෙතත් බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් ඉරිදා නිවේදනය කළේ රට තුළ වෛරසය ආසාදිතයින් 100,000ක් ඉක්මවා ඇති බවය. එම අගය මේ වනවිට 108,266ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 7,343කි. සුවය ලැබූවන් 45,815කි.
බ්‍රසීල ජනාධිපතිවරයාගේ අත්තනෝමතික හැසිරීම් වෛරසය රට තුළ වේගයෙන් ව්‍යාප්ත වීමට තුඩු දුන් බවට විවේචන පවතින අතර, එරට ප්‍රාන්ත ආණ්ඩුකාරවරු සමාජ දුරස්ථකරණ සීමා පනවන විට, ඊට එරෙහිව ඇති වූ උද්ඝෝෂණවලට සහාය දක්වමින් ජනාධිපතිවරයා ඡන්ද ප්‍රචාරයක් ගෙනයෑමට උත්සාහ කිරීම ඊට හේතුවයි.