බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ කාර්ය මණ්ඩල ප්‍රධානී යුද හමුදා ජෙනරාල් වෝල්ටර් සූසා බ්‍රාගා නෙටෝ විසින් කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර තිබේ.
ඔහුගේ කාර්යාලය පවසා ඇත්තේ මෙම වෛරසය ආසාදනය බ්‍රසීල රජයේ හත්වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඔහු බවය.
බ්‍රාගා නෙටෝ කිසිදු රෝග ලක්ෂණයක් දැනට පෙන්නුම් නොකරන නමුත්, වෛද්‍ය පරීක්ෂාවන් යටතේ ඔහු දුරස්ථව සිය රාජකාරීන් සිදුකරන බව ඔහුගේ කාර්යාලය වැඩිදුරටත් පවසයි.
පසුගිය සතියේ බොල්සොනාරෝගේ බිරිඳ සහ අමාත්‍යවරයෙකුද කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර තිබුණි. ජනාධිපති බොල්සොනාරෝද මීට පෙර වෛරසයට ගොදුරුව සිටි අතර, ඔහුගේ අවසන් පරීක්ෂණයෙන් ඔහුට වෛරසය නොමැති බව තහවුරු කෙරුණත්, ඔහුද තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ කටයුතු කරන බව බ්‍රසීල වාර්තා පෙන්වා දෙයි.
බ්‍රසීලයෙන් මේ වනවිට සමස්ත ආසාදිතයන් 2,733,677ක් වාර්තා වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 94,104ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.