බේරුවල නගරය ආසන්නයේදී මුහුදට වැටීමෙන් වයස අවුරුදු 64 ක තිදරු පියෙක් අද 23 මිය ගිය බව බේරුවල පොලිසිය කියයි .
මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල බුබුල ලන්ද ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් ගමගේ (64) යන අයයි .
මියගිය පුද්ගලයා මුහුදු වෙරළට ගොස් ඔහුගේ මුදල් පසුම්බිය ගලක් මත තබා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා සූදානම් වීමේ දී මෙම අනතුර වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය
බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රාජවසම් මහතා පරීක්ෂණ පවත්වයි .