බේරුවල ප්රාදේශීය සභාවේ විදුලි සේවකයෙකු වන අජිත් දයාවංශ (53) නැමැත්තාට එම ප්රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්රීවරයකු අද (28) පෙරවරුවේ පහර දී ඇතැයි අලුත්ගම පොලිසියට පැමිණිලි කර අලුත්ගම රෝහලට ඇතුලත්ව තිබේ.
මෙම මන්ත්රීවරයා බේරුවල ප්රාදේශීය සභාවේ අලුත්ගම ප්රධාන කාර්යාලය පිටුපසදී මෙම සේවකයාට පහර දී ඇති බව එම සේවකයා අලුත්ගම පොලීසිය පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් , පහර දීම සිදු කල බේරුවල ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.