බුරවී සුළි කුණාටුවෙන් පසුව ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරු පළාත තුල විපතට පත් පිරිස ශීඝ්‍රයෙන් වැඩි වී ඇති අතර පවුල් 13,052කට අයත් පුද්ගලයින් 43,814ක් පීඩාවට පත්ව ඇති බවට ආපදා කළමනාකරන ඒකකය පවසා සිටියි.
එමෙන්ම සුළි කුණාටුව හා වර්ෂාව හේතුවෙන් උතුරේ නිවාස 2026කට අර්ධ හානි සිදුව ඇති අතර පූර්ණ හානි නිවාස 49ක් බවටද වාර්තා වන අතර මේ වනවිට උතුරු පළාත තුල පිහිටවූ සුභසාධන මධ්‍යස්ථාන 56කදී පවුල් 2875කට අයත් පුද්ගලයින් 10,559 දෙනෙකු ජීවත්වන බවටද වාර්තා වෙයි.
මේ අනුව බුරවී සුළි කුණාටුව හා පසුව ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරේ වැඩිම පීඩාවට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයේ වන අතර යාපනයේ පවුල් 9346කට අයත් පුද්ගලයින් 31,703දෙනෙකුද වෙයි.
ඊට අමතරව මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 405 පුද්ගලයින් 1149 දෙනෙකුද, වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 137කට අයත් පුද්ගලයින් 424 දෙනෙකුද, කිලිනොච්චියේ පවුල් 928කට අයත් පුද්ගලයින් 2789 දෙනෙකුද මන්නාරමේ පවුල් 2236කට අයත් පුද්ගලයින් 7749 දෙනෙකු ආපාදවට ලක්ව සිටිති.
සුළං තත්වයන් වර්ෂාවන් හේතුවෙන් යාපනයේ කුඩා දැරියක් ඇතුලු 06 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කොට ඇති අතර ආපදාවන්ට පත්වූවන් වෙනුවෙන් මේ වන විට දිස්ත්‍රීක් ලේකම් කාර්යාල අධීක්ෂණයෙන් ප්‍රාදේශීය ලේකම් කාර් යාල , ආපදා කළමනාකරන කාර්යාල හරහා පහසුකම් සැපයීමටද පියවර ගෙන ඇත.