බොරැල්ල දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුභසාධක ගැටලු හා අධ්‍යයන ගැටලු විසඳන ලෙස ඉල්ලා සිදු කරන පන්ති වර්ජනයට අද (27දා) දිනයට දින 78ක් ගතවී ඇතැයි දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව සඳහන් කරයි.
මීට අමතරව ගැටලු විසඳන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍යයන් අඛණ්ඩ සත්යග්රහයක්ද ආරම්භ කර තිබෙන බවත්, එම සත්‍යග්‍රහයට මේ වන විට දින 30ක් ගතවී තිබෙන බවත් එම සංගමයේ සභාපති, වෛද්‍ය ශිෂ්‍ය දිනිදු හේෂාන් මහතා සඳහන් කළේය.
2011 වසරේදී නව විෂය නිර්දේශයක් හඳුන්වා දුන් බවත්, එහෙත් එම විෂය නිර්දේශයේ පවතින ගැටලු මෙතෙක් විසඳා නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව දේශන ශාලා ගැටලු ඇතිවී තිබෙන බවත්, බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට එම විෂයට අදාළ ඉගැන්වීම කටයුතු සිදු කරන කිසිදු ආචාර්යවරයෙකු නොමැති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙම ගැටලු හේතුවෙන් වෛද්‍ය ශිෂ්‍යයන්ට අසාධාරණකම් සිදුව තිබෙන බවත්, මීට අමතරව ලබන වසරේදී බඳවා ගැනීමට නියමිත ශිෂ්‍ය ගැටලුවට මුහුණ දීම සිදුවන බවත් ඔහු පවසා සිටියේය.
එච්.අයි.තුෂාර / ඡායාරූප -ඉසුරු පෙරේරා