එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත රෝගීන්ගේ ඉහළ මරණ අනුපාතය හා සම්බන්ධ විය හැකි බව එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් ඊයේ (23දා) ඩව්නිං වීදියේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
"මම අද ඔබට මෙය පැවසිය යුතුයි. අපට දන්වා ඇති ආකාරයට, වඩාත් ඉක්මණින් ව්‍යාප්ත වීමට අමතරව, ලන්ඩනයේ සහ ගිනිකොනදිග ප්‍රදේශයේදී ප්‍රථම වරට හඳුනාගත් ප්‍රභේදය ඉහළ මරණ අනුපාතිකයක් සමග සම්බන්ධ විය හැකි බවට සාක්ෂි ලැබී තිබෙනවා" ජොන්සන් පැවසීය.
කෙසේ වෙතත් පර්යේෂකයන් තවමත් දත්ත දෙස බලමින් සිටින අතර තවමත් බොහෝ අවිනිශ්චිතතාවන්ද පවතින බවද හෙතෙම සඳහන් කළේය.
එක්සත් රාජධානියේ රජයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක පැට්රික් වැලන්ස් පැවසුවේ ආසාදනය වන සමස්ත ජනගහනය දෙස බලන විට ප්‍රභේදය වඩාත් මාරාන්තික බවක් පෙන්වන බවයි. එසේම වලන්ස් පැවසුවේ අවදානම වැඩිවීම සියලු වයස් කාණ්ඩවලට බලපාන බවයි.