එක්සත් රාජධානියේ කොරෝනා වෛරසයට එරෙහිව මිලියන 2ක පමණ පිරිසකට එන්නත් ලබා දී ඇති බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසයි.
ජාතික අනතුරු ඇඟවීමේ මට්ටම පළමු වරට ඉහළම මට්ටමට ඔසවා තැබීමෙන් පසුවත් තත්ත්වය තවදුරටත් පිරිහී ඇති බවට එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා අනතුරු ඇඟවීමෙන් පසුව මැට් හැන්කොක් මෙම අදහස් දැක්වීය.
ඉරිදා ස්කයි නිව්ස් වෙත අදහස් දක්වමින් හැන්කොක් පැවසුවේ සෞඛ්‍ය සේවයේ පිරිස් වෙත පසුගිය දෙසැම්බරයට වඩා පසුගිය දින හත තුළ වැඩි මාත්‍රා ප්‍රමාණයක් ලබා දුන් බවයි. නිශ්චිත සංඛ්‍යා සඳුදා වනවිට ප්‍රකාශ කළ හැකි නමුත් ඔහු කියා සිටියේ දිනකට පුද්ගලයන් 200,000ක් එන්නත් කිරීම සඳහා රට මේ වනවිට සූදානම් සිටින බවයි.
"අපි දැන් මේ රටේ 80 ට වැඩි පුද්ගලයින්ගෙන් තුනෙන් එකකට පමණ එන්නත ලබා දී තිබෙනවා." හැන්කොක් වැඩිදුරටත් පැවසීය.