දකුණු අප්‍රිකාවේ සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයන් සමග එක්ව එම රටවල පැතිර ඇති කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය සහ ගෝලීය වෛරසයේ තත්ත්වය කෙරෙහි ඒවා දක්වන බලපෑම වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙම රටවලින් වාර්තා වී ඇති කොවිඩ්-19 වෛසරයේ නව ප්රභේදයන් නිසා නව කොරෝනා වෛරසයට එරෙහි ගෝලීය ප්‍රතිචාරයේ කඩා වැටීමක් සිදුවිය හැකි බවට ලොව පුරා කනස්සල්ලක් ඇතිවී තිබේ.
සඳුදා පැවති COVID-19 පුවත්පත් සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් කියා සිටියේ සංවිධානය විසින් වසංගත රෝග විද්‍යාගාර සහ රසායනාගාර අධ්‍යයන සිදුකරන අතර, එය ඊළඟ පියවරයන්ට මග පෙන්වනු ඇති බවය.
මේ මස මුලදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 වෛරසයේ නව ප්රභේදයන් පිළිබඳව විශාල අනතුරු ඇඟවීමක් කළද, වැඩිදුරටත් කියා සිටියේ ඒවා වසංගතයේ පරිණාමයේ සාමාන්‍ය සිදුවීම් බවයි.
කෙසේ වෙතත් ටෙඩ්රොස් සිය නවතම කතාවේදී, මෙම නැගී එන නව ප්රභේදයන් මධ්‍යයේ රටවල් සන්සුන්ව කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.
"රටවල් ඵලදායී ලෙස සොයා බලා පරීක්ෂා කරන්නේ නම් පමණක්, එම රටවලට නව ප්‍රභේද තෝරාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීමට උපාය මාර්ග සකස් කළ හැකියි" ඔහු පැවසීය. "නව විද්‍යාත්මක සොයාගැනීම් විනිවිදභාවයෙන් බෙදා ගැනීම සම්බන්ධයෙන් රටවල් දඬුවමට ලක් නොවන බවටද අපට සහිත වීමට පුළුවන්."
වර්තමානයේදී ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 81.1ක් ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව මිලියන 1.77ක් ඉක්මවා ඇත.