රාජකීය වෛද්‍ය විද්‍යාලයේ නව සමීක්ෂණයකට අනුව එක්සත් රාජධානියේ වෛද්‍යවරුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් කොවිඩ්-19 වෛරස වසංගතය හමුවේ බියෙන් සේවයේ යෙදෙන බව අනාවරණය වී තිබේ.
සමීක්ෂණයෙන් හෙළි වූයේ ප්‍රතිචාර දැක්වූ 1,582 දෙනාගෙන් 48%ක්ම ඔවුන්ගේ සෞඛ්‍යය ගැන කනස්සල්ලෙන් හෝ දැඩි සැලකිල්ලක් දක්වන බවයි.
කළු, ආසියානු සහ සුළු ජනවාර්ගික ප්‍රජාවන්හි වෛද්‍යවරුන් අතර මෙම අගය 76%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එක්සත් රාජධානියේ පුද්ගලික ආරක්ෂක උපකරණ සැපයීමේ (PPE) පවතින ගැටළු මධ්‍යයේ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇත.
මහා බ්‍රිතාන්‍යයේ සමස්ත ආසාදිත අගය අද (18දා) අලුයම වනවිට 244,995ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර, මරණ සංඛ්‍යාව 35,000ක සීමාව කරා පැමිණෙමින්, 34,716ක් ලෙස සටහන් විය.
කෙසේ වෙතත් එරට වෛරසය ආසාදිතව සුවය ලැබූවන්ගේ අගය ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව 1,058ක් පමණි.