යුරෝපයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකීමේදී බ්‍රිතාන්‍ය වඩා වේගවත්ව ඉදිරියට පැමිණෙන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
අද (03දා) අලුයම වනවිට යුරෝපය තුළ වෛරසය මුලින්ම (පෙබරවාරි මැද සිට) පැතිරුණු ඉතාලියේ මරණ සංඛ්‍යාව 28,710ක් වනවිට, යුරෝපයේ වෛරසය පැතිරීම ඊට වඩා බොහෝ පසුව (මාර්තු මුල් සතිය) සිදුවූ බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව 28,205කි.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ ආසාදිත 183,500ක අගය සැලකීමේදී එරට සුවය ලැබූවන් 896ක් තරම් සාපේක්ෂව ඉතා සුළු ප්රමාණයකි. කෙසේ වෙතත්, ඉතාලියේ ආසාදිතයන් 209,328ක අගය සැලකීමේදී එරට සුවය ලැබූවන් 79,914ක් ලෙස සැලකිය යුතු අගයක පසුවෙයි.