කොරෝනා වෛරසයේ රෝගීන් වැඩි වශයෙන් සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය මගින් බ්‍රිතාන්‍යයේ ආසාදන යම් මට්මකින් ඉහළ යාම හේතුවෙන් එරට කොවිඩ්-19 සීමා ඉවත් කිරීම ප්‍රමාද කළද, එලැඹෙන ජූලි 19දා "නිදහස් දිනය" ලෙස සීමා ඉවත් කරමින් බ්‍රිතාන්‍ය සුපුරුදු ජීවන රටාවට යෑම සඳහා සූදානම් වෙයි.
තම සහායකයා සිප ගනිමින් සීමාවන් කඩ කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් ඉල්ලා අස්වීමෙන් පසු යළිත් ගින්නකට ලක්ව ඇති අගමැති බොරිස් ජොන්සන්, බ්‍රිතාන්‍යයේ ආර්ථිකය විවෘත කිරීම සම්බන්ධ මෙම ප්‍රකාශය සිදුකළේය.
"ගතවන සෑම දිනකම එය මට සහ අපගේ සියලු විද්‍යාත්මක උපදේශකයන්ට වඩාත් පැහැදිලියි. ජූලි 19 වැනි දින ඇත්ත වශයෙන්ම සටනේ අවසානය යැයි කීමට අපට හැකිවනු ඇති. කොරෝනා වසංගතයට පෙර මෙන් අපට නැවත පැරණි ජීවිතයට යා හැකියි." අගමැති ජොන්සන් වාර්තාකරුවන්ට පැවසීය.
හැන්කොක් වෙනුවට සෞඛ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන සජිඩ් ජාවිඩ් පාර්ලිමේන්තුවේදී මෙම තීන්දුව සනාථ කරමින් කියා සිටියේ, තම පළමු දිනය රැකියාවෙහි ගත කර ඇත්තේ දත්ත අධ්‍යයනය කිරීම සඳහා වන බවය.
"අපි හතර වැනි පියවර ඉදිරියට ගෙන නොයෑමට තීරණය කළත්, ජූලි 19න් ඔබ්බට යාමට කිසිදු හේතුවක් අපට පෙනෙන්නේ නැහැ" ඔහු පාර්ලිමේන්තුවට පැවසුවේ, දැනට පවතින සීමාවන් සුරක්ෂිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමිනි.
"ජූලි 19 අපගේ ඉලක්කගත දිනය ලෙස පවතිනවා. අගමැති එය අපගේ සටනේ අවසන් දිනය ලෙස නම් කර තිබෙනවා. මට නම් ජූලි 19 යනු රේඛාවේ අවසානය පමණක් නොව අපේ රට සඳහා ආකර්ෂණීය නව ගමනක ආරම්භයයි." සජිඩ් ජාවිඩ් වැඩිදුරටත් පැවසීය.