බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ගැන බොහෝ ප්රවෘත්ති මැවෙමින් තිබුණද, වෛරසයක් සෑමවිටම විකෘති වීම සාමාන්‍ය තත්ත්වයක් බවත්, එම නව වෛරස ප්‍රභේදයෙන් මිනිසුන් දැඩිව රෝගාතුර වීමක් මෙතෙක් නොපෙන්වන බව බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.
"නිසැකවම, මෙය අපි සැමවිටම බැරෑරුම් ලෙස සලකන දෙයක් බව පැහැදිලිය. එය වෛරසයක විකෘතියක් අනාවරණ්ය වන සෑම අවස්ථාවකම අදාළ වෙනවා. නමුත් මම හිතන්නේ මහජනතාව මේවා RNA වෛරස් බව මතක තබා ගත යුතුයි. ඒ නිසා මේ වෛරස සෑමවිටම අඛණ්ඩව විකෘතිවීම්වලට ලක්වෙනවා. නමුත් බොහෝ විට මේ විකෘති වීම්වලදී ක්‍රියාකාරී වැදගත්කමක් දක්නට නැහැ" එක්සත් ජනපද ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂවරයා පැවසීය.
වෛද්‍ය ෆවුසි පැවසුවේ එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ මෙන්ම බොහෝ රටවල විශේෂඥයන් මෙම නව විකෘතිය මිනිසුන් වඩාත් රෝගාතුර කරන්නේද යන්න පිළිබඳ අධ්‍යයනය කරමින් සිටියත්, එය එසේ නොවන බවට පිළිතුරු ලැබී ඇති බවයි.
ෆවුසි තවදුරටත් පැවසුවේ, "කෙසේ වෙතත් ගැටලුව එය අප දැනට භාවිත කරන එන්නත් මගින් ඇති කරන ආරක්ෂාවෙන් ගැලවී යන්නේද යන්න තහවුරු කරගැනීමයි. කෙසේ වෙතත්, අපගේ බ්‍රිතාන්‍ය සගයන්ට අනුව එයද එසේ නොවන බව පෙනෙන්නට ඇති තිබෙනවා." යනුවෙනි.
මෙම එන්නත් විකෘති ප්‍රභේදය මත ක්‍රියාත්මක වේදැයි සොයා බැලීමට එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන්ද තමන්ගේම අධ්‍යයනයක් කරන බව ඔහු පැවසීය.
කෙසේ වෙතත් දැනට මහජනතාව සිදුකරන සාමාන්‍ය මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකිරීමේ වැදගත්කම වෛද්‍ය ෆවුසි නැවතත් අවධාරණය කළ අතර, මෙය නිවැරදිව සිදුවන්නේ නම් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව ඔහු සඳහන් කළේය.