බ්‍රිතාන්‍යය පුරා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප්‍රභේදය වියට්නාමය වෙත පැමිණ ඇති පළමු අවස්ථාව අනාවරණය කරගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
බ්‍රිතාන්‍යයේ සිට වියට්නාමයට පැමිණි 44 හැවිරිදි කාන්තාවකගේ ශරීරයේ මෙම ප්‍රභේදය අනාවරණය වී ඇති අතර, පැමිණීමෙන් පසු නිරෝධායනය කර ඇති ඇයට පසුගිය දෙසැම්බර් 24 වැනි දින වෛරසය වැලඳී ඇති බව තහවුරු වී ඇතැයි අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
"පර්යේෂකයන් රෝගියාගේ නියැදිය මත ජාන අනුක්‍රමණය කළ අතර එම ප්‍රභේදය 'VOC 202012/01' නමින් හැඳින්වෙන ප්‍රභේදයක් බව සොයාගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙයි.
වියට්නාමය ලෝකයේ කොවිඩ්-19 වසංගතය සැබෑ ලෙසම ජයගත් රටක් ලෙස ප්‍රකට අතර, කතාවෙන් නොව ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමට එරට පාලකයන් මෙන්ම ජනතාවද සමත් විය. එරට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛයාව 1,482ක් වන අතර ඉන් බොහෝ දෙනා විදේශයන්හි සිට වෛරසය ආසාදිතව එරටට පැමිණි අයයි. ඒ අතරින් පුද්ගල මරණ 35ක් පමණක් එරට සිදුව තිබේ.