එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් වඩාත් බෝවන කොරෝනා වෛරස ප්‍රභේදය දැන් එක්සත් ජනපදයේ වඩාත් සුලභ කොරෝනා වෛරස විකෘතිතාව බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය රොෂෙල් වැලෙන්ස්කි පවසයි.
"අප මධ්‍යස්ථානයේ නිරීක්ෂණයේ නවතම ඇස්තමේන්තු මත පදනම්ව, B.1.1.7 ප්‍රභේදය දැන් එක්සත් ජනපදයේ සංසරණය වන වඩාත් සුලභ වෛරසය ප්‍රභේදය ලෙස හඳුනාගෙන තිබෙනවා" වැලෙන්ස්කි ධවල මන්දිරයේ කොවිඩ්-19 ප්‍රතිචාර කණ්ඩායම් සාකච්ඡාවකදී පැවසීය.