එක්සත් ජනපදයේ, කොලරාඩෝ ප්‍රාන්තයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් අඟහරුවාදා එක්සත් රාජධානියෙන් මුලින් සොයාගත් කොවිඩ්-19 නව ප්‍රභේදය පිළිබඳ එරට ප්‍රථම සිද්ධිය වාර්තා කර තිබේ.
එහිදී මෙම වෛරසය හඳුනාගත් තැනැත්තා, කිසිදු සංචාරක ඉතිහාසයක් නොමැති කොලරාඩෝ හි පදිංචි වයස අවුරුදු 20 ගණන්වල තරුණයෙකු බව කොලරාඩෝ ආණ්ඩුකාර ජරෙඩ් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙම පුද්ගලයා සෞඛ්‍ය නිලධාරීන් විසින් මේ වනවිට හුදකලා කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මෙම පුද්ගලයාගේ සමීප සම්බන්ධතා මෙතෙක් හඳුනාගෙන නොමැති නමුත් සෞඛ්‍ය නිලධාරීන් සම්බන්ධතා සොයා ගැනීමට කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය.
"මෙම නව කොවිඩ් -19 ප්‍රභේදය ගැන අප නොදන්නා බොහෝ දේ තිබෙනවා. නමුත් එක්සත් රාජධානියේ විද්‍යාඥයන් එය සැලකිය යුතු ලෙස බෝවන බවට ලෝකයට අනතුරු අඟවා තිබෙනවා" ආණ්ඩුකාරවරයා පැවසීය. "කොලරාඩෝ ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවය වන අතර, අපි මේ ආසාදිතයා මෙන්ම සියලුම කොවිඩ්-19 සිද්ධීන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා."