එක්සත් රාජධානියේ 100,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති කොරෝනා වෛරස් වසංගතයට රජය දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් තමන් පූර්ණ වගකීම භාර ගන්නා බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියි.
ජොන්සන් ඩවුන්ං වීදියේදී සිය දෛනික දේශනය ආරම්භ කළේ පීඩාවට පත් සියලු දෙනාටම සිය ශෝකය ප්‍රකාශ කරමින් ජීවිත හානි භයානක හා ඛේදජනක සිද්ධීන් ලෙස සිහිපත් කරමිනි.
"අහිමි වූ සෑම ජීවිතයක් ගැනම මම කණගාටු වෙනවා. ඇත්ත වශයෙන්ම, රජය විසින් කර ඇති සෑම දෙයක් සඳහාම මම අගමැති ලෙස සම්පූර්ණ වගකීම දරනවා. මට ඔබට පැවසිය හැකි දෙය නම්, අපට හැකි සෑම දෙයක්ම අපි සැබවින්ම කළා. ඒ වගේම, සෑම දෙයක්ම දිගටම කරගෙන යනවා. ජීවිත හානි අවම කර ගැනීමටත්, ඉතා දුෂ්කර අවධියක පීඩාවන් අවම කිරීමටත් අපට හැකියි" ජොන්සන් පැවසීය.
රජයේ නවතම දෛනික සංඛ්‍යාලේඛනවලට අනුව එක්සත් රාජධානිය ඊයේ (26දා) කොවිඩ්-19 හේතුවෙන් මරණ 100,000ක් ඉක්මවා ගියේය.