එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් සහ සහකාරිය වන කැරී සිමන්ඩ්ස් සිය කුළුඳුල් පුතාට, විල්ෆ්රඩ් ලෝරි නිකලස් ජොන්සන් ලෙස නම් තබා තිබේ.
මෙම දරුවා පසුගිය බදාදා දිනයේ උපත ලැබූ අතර, බොරිස් ජොන්සන් පසුගිය මාසයේ කොරෝනා වෛරසයෙන් පීඩා විඳිමින් සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් දෙදෙනෙකුට ගෞරව කිරීම සඳහා ඔහුට නිකලස් යන මැද නම තැබූ බව බොරිස් යුවළ පවසයි.
"බොරිස්ගේ සීයාගෙන් විල්ෆ්රඩ්, මගේ සීයාගෙන් ලෝරී, වෛද්‍ය නික් ප්‍රයිස්ගෙන් සහ වෛද්‍ය නික් හාර්ට්ගෙන් නිකලස් යන නම් තැබුණා. මේ වෛද්‍යවරුන් පසුගිය මාසයේ බොරිස්ගේ ජීවිතය බේරාගත් වෛද්‍යවරුන් දෙදෙනායි" යැයි සිමන්ඩ්ස් සිය පුද්ගලික ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබා තිබුණි.
එමෙන්ම තමාට දරු ප්‍රසූතිය සඳහා සහාය දැක්වූ වෛද්‍ය හා හෙද කණ්ඩායමටද ඇය ස්තූති කර තිබුණි.
පසුගිය මාර්තු මාසයේදී කොරෝනා වෛරසයෙන් රෝගාතුර වූ පළමු ලෝක නායකයා බවට පත්වීමෙන් පසු ජොන්සන් යළිත් ගිය සඳුදා සේවයට පැමිණියේය.
එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයාගේ තත්ත්වය යහපත් අතට හැරීමට පෙර අපේ‍්‍රල් මස මුලදී රාත්‍රි තුනක් දැඩි සත්කාර ඒකකයේ ගත කිරීමටද ඔහුට සිදුවූ අතර, එහිදී තමාට උපරිම සත්කාර කළ හෙදියන් දෙදෙනෙකුටද ඔහු පෞද්ගලිකවම සිය කෘතඥතාව පළ කර තිබුණි.