බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 වසංගතය නරක අතට හැරීමත් සමග එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් ඉන්දියාවේ සිදුකිරීමට නියමිතව තිබූ පශ්චාත් බ්‍රෙක්සිට් සංචාරය කල් දැමූ බව ඩව්නිං වීදියේ අගමැති කාර්යාලය පවසයි.
"සැලසුම් කර ඇති පරිදි මේ මස අගදී තමන්ට ඉන්දියාවට යාමට නොහැකි වනු ඇතැයි කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා අගමැති මෝදි සමග අද උදෑසන බොරිස් ජොන්සන් අගමැතිවරයා කතා කළා" යනුවෙන් ප්‍රකාශකයෙකු පැවසුවේ වෛරසයේ වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රභේදය මෙම ගමන වැළැක්වූ බව පවසමිනි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙසේ ඉන්දියානු සංචාරය සඳහා සූදානමින් සිටියේය.