ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරීපත් වූ ජෝ බයිඩන් තමාට හිමි දෙවැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාවද ලබාගැනීම සිදුකර තිබේ.
ඒ අනුව ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් බයිඩන්ගෙන් තම කොරෝනා වෛරස් කාර්ය සාධක බලකාය කෙරෙහි විශ්වාසයක් ඇතිදැයි මාධ්‍ය විමසා සිටි අවස්ථාවේදී තමාට ඒ විශ්වාසය ඇති බවත්, ඔවුන් වෙත ප්‍රමුඛතා ලබාදුන් බවත්ය.
මීට සති තුනකට පමණ පෙර බයිඩන් වෙත පළමු එන්නත් මාත්‍රාව ලබාදුන් අතර, ඔහුගේ වයස මෙන්ම, ඇමෙරිකානුවන් තුළ එන්නත ලබාගැනීම උනන්දු කරවීමද ඔහු එන්නත ලබාගැනීමට හේතු විය. එසේම ඔහු දෙවැනි එන්නත ලබාගන්නා අවස්ථාවද සජීවීව ප්‍රචාරය කිරීමද විශේෂත්වයකි.
"මම විශ්වාස කරනවා" බයිඩන් කියා සිටියේ එලැඹෙනබ්රහස්පතින්දා සිය කොවිඩ්-19 සැලැස්ම එළිදක්වන බවය. දිනකට මිනිසුන් 3-4,000ක් මියයෑම හමුවේ සුදමැලි නොවී ක්‍රියාකරන බවද ඔහු කීවේය.
එසේම ජනාධිපති ධුරයට පත්වූ ඔහු තවදුරටත් තම කොවිඩ්-19 කණ්ඩායම මුණගැසෙන බවත්, කළ යුතු දේ කළ හැකි බව තමා විශ්වාස කරන බවත් බයිඩන් වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් බයිඩන් තම දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගන්නා අවස්ථාව වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 22,590,000ක් පමණ වන අතර, මරණ සංඛ්‍යාව 375,800ක් ඉක්මවා ගොස් තිබේ.