කොවිඩ්-19 එන්නත නිපදවීම සඳහා ෆයිසර් සමග හවුල් වූ ජර්මානු සමාගමක් වන බයෝ එන්ටෙක් හි ප්රධාන විධායක නිලධාරි උගුර් සහින් කියා සිටියේ තම කොවිඩ් -19 එන්නත් මාත්රාව තවමත් ලැබී නොමැති බවය.
එහෙත් ඉදිරි සතිවලදී තම කණ්ඩායමේ සාමාජිකයන්ට එන්නත ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව සහින් කියා සිටියේය.
"අපගේ එන්නත ලබාගැනීමට අපට තවම අවසර දී නැහැ. නමුත් එන්නත් නිෂ්පාදන කණ්ඩායම්වලට එන්නත ලබාදිය හැකි ක්රමවේදයක් අප සොයාගනු ලැබුවා. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළදී කණ්ඩායමේ සාමාජිකයන් හා සමහර විට මා වෙතද එන්නත ලබාදෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා" සහින් වැඩිදුරටත් පැවසයී.