ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ආසන්නයේ ගසක තිබු බඹර කූඩයක් හේතුවෙන් අද ( 8 ) දින ප්‍රාථමික අංශයේ දරුවන් ආපසු නිවෙස් වෙත යැවිමට කටයුතු කළ බව විදුහල්පති ප්‍රියන්ත සමන් කුමාර මහතා පැවසිය.
විද්‍යාලයේ ප්‍රාථමික අංශයට ආසන්නව පාසල් භූමියේ දැවැන්ත කුඹුක් ගසක අඩි 100 කට ආසන්න උසකින් ඇති අත්තක බැද තිබු බඹර කූඩය තුළ සිටි බඹරුන් ඇවිස්සිමත් සමග දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාථමික අංශයේ 1 ,2, හා 3 ශ්‍රේණි වල දරුවන් 400ක් පමණ ආපසු නිවෙස් වෙත යැවිමට විදුහල්පතිවරයා කටයුතු කර තිබුණි.
මෙම බඹර කූඩය දැනට සති දෙකකට පෙර මෙම කුඹුක් ගසේ බැදිම ආරම්භ කර තිබුණද අධික උසකින් යුක්ත විමත් ඒ ආසන්නයට ගමන් කිරිමට නොහැකි විමත් නිසා බඹර කූඩය ඉවත් කිරීමට නොහැකි වි තිබු බව පැවසේ.
කෙසේ වෙතත් 7 දින රාත්‍රියේ වනජීවි නිලධාරින් පාසල් භූමියට පැමිණ විවිධ උපක්‍රම භාවිතා කරමින් බඹරුන් පළවා හැරිමට කටයුතු කර තිබුණද එය සාර්ථකවි නොතිබුනී.
පසුව වනජීවි නිලධාරින් නැවත 8 දින රාත්‍රියේදි පැමිණ බඹර කූඩය සම්පුර්ණයෙන් ඉවත් කර දිමට පොරොන්දු ලබා දුන් බව විද්‍යාලයේ පරිපාලන අංශය භාර විදුහල්පති සාලින්ද අබේරත්න මහතා පැවසිය.
කෙසේ නමුත් මෙම බඹර කූඩය නිසා යම් හේයකින් කුඩා දරුවන්ට හානියක් සිදුවිය හැකි බවට තේරුම් ගත් විදුහල්පතිවරයා ප්‍රාථමික අංශයේ පංති වල දරුවන් ආපසු නිවස් වෙත යැවිමට කටයුතු කළේය.
ආණමඩුව - හිරාන් ප්‍රියංකර