උත්සව සමයේදී බීමත්ව රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමට රට පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
කොළඹ නගරයේ ආරක්ෂාවට හා රථවාහන පාලනය කිරීම සඳහා සිවිල් ඇඳුමින් හා නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදහසක් රාජකාරියේ යොදවා තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
කොළඹින් පිට නගරවලට පොලිස් කොට්ඨාස මට්ටමින් ආරක්ෂාව සපයන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් උපදෙස් ලබාදී තිබෙන බවත්, උත්සව සමයේදී ගිනිකෙළි භාවිතයේදී තමන්ගේ සහ අවට පිරිස්වල ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
සෑම විටම ප්‍රමිතිගත ගිනිකෙළි භාවිතා කරන ලෙසටත්, කුඩා දරුවන්ගෙන් ගිනිකෙළි ඈත්කර තබන ලෙසටත් පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.