ජංගම දුරකථන 02ක්, චාජර් 01ක් ,දුම්කොළ 10ක් දමා පාර්සලයක් සකස්කොට ගාල්ල බන්ධනාගාරය තුලට විසිකිරිම සදහා සුදානමින් සිටි සැකකරුවකු ඊයේ (23) ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.
සැකකාර පුද්ගලයා විසින් ඉතා සුක්ෂම අයුරින් මෙකි පාර්සලය බන්ධනාගාරය තුලට විසිකිරිමට සුදානමින් සිටි බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
පොලිස් නිලධාරින් විසින් මත්ද්‍රව්‍ය වැටලිම් සදහා යමින් සිටියදි මෙකි පුද්ගලයා කළුවැල්ල ප්‍රදේශයේ රැදිසිට ඇත. මොහු ගැන ඇතිවු සැකය මත සැකකාර පුද්ගලයා පරික්ෂාකොට ඔහු සන්තකයේ තිබු මෙම ද්‍රව්‍ය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විටින් විට බන්ධනාගාරගතව සිටි අයෙකු බව පරික්ෂණ වලදි අනාවරණය වි ඇත. සැකකාර පුද්ගලයා 36 හැවිරිදි වියේ පසුවන අම්බලන්වත්ත ප්‍රදේශයේ අයෙකු බව පොලිසිය පවසයි.
සැකකරු අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
