මීගමුව බණ්ධනාගාර නිළධාරියෙකුගේ සෘජු සහය ලබා ගනිමින් එහි සිටින රැඳවියන්ට මත් කුඩු විකිණීමේ ජාවාරමක් පවත්ගෙන ගිය පතාලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ලක්ෂ 15 වටිනා බ්‍රවුන් ෂුගර් ග්‍රෑම් 56 මිලි 820 සමග අද (27දා) අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන නිළධාරීහු සමත් වූහ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ විවිධ අපරාධ නඩු සම්බන්ධයෙන් චෝදනා ලැබ බණ්ධනාගාර ගතව සිට නිදහස්වු 29 හා 26 වියැති හොරගස්මුල්ල සහ වැවගෙදර දිවුලපිටිය පදිංචි අවිවාහක සැකකරුවන් දෙදෙනෙකු බව පොලීසිය කියයි.
මීගමුව බණ්ධනාගාරය අවට රාත්‍රි කාලයේ කලක සිට මත්කුඩු කලාපයක් ලෙස පරිවර්තනය වෙමින් පවතින බවට තොරතුරු ලද හෙයින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දෙන ලද නියෝගයක් වහා සැලකිල්ලට ගත් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරළ මහතාගේ නියෝගයකින් ක්‍රියාත්මක වු කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතා ඇතුළු නිළධාරි කණ්ඩායමක් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය මගරැක සිට මත්කුඩු පැකට් සහිත කුඩා විදුරු බෝතලයක් රැගෙන යතුරු පැදියකින් පැමිණි සැකකරු එය විදුලි පහන් කනුවක් යට තබා බණ්ධනාගාර ගතව සිටින පතාල සමාජිකයෙකුන් ලද ජංගම දුරකථන ඇමතුමකට සවන්දෙමින් ‘‘ බඩු තිබ්බා. ඊෂි කෑෂ් ඉක්මනට දාන්න” පවසත්ම අත්අඩංගුවට ගත් බවත් අනෙක් සැකකරු මීගමුව බණ්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අස<දි අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
සීදුව ප්‍රසාද් මුතුකුඩ
