මෙරටට ආනයනය කරන රත්රන් නැවත ඉන්දීය වෙළෙඳපොළට ගෙනයෑමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (24දා) පැවසීය.
2018 වසරේ පළමු කාර්තුව තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 437ක රත්රන් මෙරටට ආනයනය කර තිබුණද ස්වර්ණාභරණ ක්ෂේත්රයේ දියුණුවක් සිදුව නැති බවත්, මෙම කරුණ කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමුවිය යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 650ක් වටිනා රත්රන් මෙරටට ආනයන කර තිබෙන බවත්,එය 2016 වසරට වඩා 73.3%ක වැඩිවීමක් බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම සියලු රත්රන් තොග ජාවාරම්කරුවන් හරහා ඉන්දීය වෙළෙඳ පොළ වෙත ගෙනයෑම බරපතළ තත්ත්වයක් බවද ඔහු කීය.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාශ්රමයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
